Showing posts with label Animals. Show all posts
Showing posts with label Animals. Show all posts
Tuesday, October 6, 2015
Sunday, October 4, 2015
Berty Bird
මීට සති 2කට කලින් මෙයා
ගැන පලකෙරුවා මතක ඇති. අර උකුස්සෙක් ඩැහැගෙන යද්දි බේරගත්තෙ. දැන් නම් හොඳයි. අපි
“බර්ටි“ කියලා නමකුත් දැම්මා. ඒත් එයාට හරි අකරතැබ්බ වගයක් පහුගිය දවස්වල සිද්ධ
උනා. ඔන්න ඉතිං හොඳ උනාට පස්සේ ගේ ඇතුලෙම හිරකරගෙ ඉන්න හොඳ නැති නිසා දොර ඇරලා
තිබ්බා යනවනම් යන්න කියලා. ඔන්න ටික වෙලාවකට පස්සෙ දොරෙන් එළියට ගියා. පොළොවේ ඉන්න
චූටි චූටි කෘමි සත්තු ආහාරයට ගත්තා. ඊටපස්සේ
ගහකට නැගලා එහාට මෙහාට පැන පැන අත්හදාබැලීම් කරමින් රාත්‍රියත් එහිම ගතකරා.
ඔන්න එදා රෑ මහ ධාරානිපාත වැස්සක් වැටුණා. පහුවෙනිදා උදේ බලද්දි බර්ටි නෑ. අපි
හිතුවා වැස්සට කොහොට හරි යන්න ඇති කියලා. ඔන්න පැයකට හමාරකට පස්සේ බර්ටි පාරෙ
හිටගෙන ඉන්න කෙනෙකුගේ අතේ ඉන්නවා. අපි අහම්බෙන් දැක්කෙ. බර්ටි පාරෙ ඉන්නවා දැකලා
වාහනේකට අහුවෙයි කියලා අර කෙනා අරගෙ. පස්සෙ අපි විස්තරේ කියලා ඉල්ලගත්තා.
Subscribe to:
Posts (Atom)
